අද අලුයම සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය අවසර දීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ වනවිට විශාල වශයෙන් එළවළු තොග ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා.
ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට එළවළු රැගත් රථ ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන මාර්ගය දෙපස නවතා ඇති ආකාරය දක්නට ලැබුණු අතර අද උදෑසන වන තුරුම එළවළු තොග රැගත් ලොරි ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කරගැනීමට නොහැකිව දිගු පොලිම් දැක් ගැනීමට හැකි වුණා.
මේ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ද සීඝ්‍රයෙන් අද දිනයේ ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා. මේ වන විටත් එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ තොගයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන්නට ඇති බව එහි වෙළෙඳ සංගමයේ නියෝජිතයන් පවසා සිටියා.




