ග්‍රාම නිලධාරීවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළා.
සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට බලාපොරොත්තු වන බව සුමිත් කොඩිකාර මහතා සදහන් කරයි.
කෙසේවෙතත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යයමණ්ඩලය සඳහා මීළඟ අදියරේ දී එන්නත් ලබාදීමට නියමිත බවය.
දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්රුන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව ලැබී ඇති එන්නත් වලින් ප්‍රමුඛතාවය ලබාදෙමින් අදාළ නිලධාරීන් සියලුදෙනා ආවරණය වන පරිදි එන්නත්කරණය සිදුවන බවට තහවුරු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.




