මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට සූළං බල විදූලි උත්පාදනය, ඉන්ධන දහන විදූලි උත්පාදනය අභිබවා ගොස් තිබෙනවා.
පසූගිය දිනවල සිදූවූනූ අරාබි මූහූදේ කැළඹීම සහ නිරිතදිග මෝසම් සූළං හේතුවෙන් ඇතිවූ දැඩි සූළං සහිත කාලගුණික තත්වයත් සමගින් තම්බපවනි සූළං විදූලි බලාගාරය උපරිම ධාරිතාවයෙන් විදූලිය උත්පාදනය කර තිබෙනවා. එහි ප්‍රතිථලයක් ලෙස මැයි 14 වන සිකුරාදා අප රටේ විදූලිබල පද්ධතියට එක්වූ තාප (ඩීසල් දහනය) විදූලි උත්පාදන ධාරිතාව ඉක්මවා යන්නට සූපිරිසිදූ සූළං බල විදූලි ධාරිතාව සමත් වූනා.
පූනර්ජනනීය සූළං විදූලිබලය, එදින රටේ විදූලිබල අවශ්‍යතාවයෙන් 10% ක් ඉක්මවා උත්පාදනය කරමින්, ඩීසල් දහනයෙන් විදූලිය ජනනය සීමා කරමින්, විදූලිබල මණ්ඩලයට දිනකට පමණක් ඉතිරි කළ මූදල රුපියල් මිලියන 70 කට අධික බව සදහන්.




