අන්තර්ජාතික තේ දිනය නිමිත්තෙන් ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකා තේ රස විඳින්න අවස්ථාව


''ලංකා තේ” ඕස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන අතර, එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම “ලංකා තේ සන්ධ්‍යාව” සංවිධානය කෙරිණ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම උත්සවය අන්තර් ජාතික තේ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙල්බර්න් හි දී සංවිධානය කරන ලද මෙම “ලංකා තේ සන්ධ්‍යාවේ” දී කලාපීය රස වර්ග හතකින් ලංකා තේ හඳුන්වා දෙනු ලැබීය.

 මෙම අවස්ථාව සඳහා වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මිතුරන්ගේ සම සභාපති ක්‍රේග් ඔන්ඩාර්චි මහතා, වික්ටෝරියානු බහු සංස්කෘතික කොමිෂන් සභාවේ සභාපති විවියන් න්ගුයෙන් මහත්මිය, ඕස්ට්‍රේලියානු අන්තර් සංස්කෘතික සංගමයේ විධායක අධ්‍යක්ෂ අහමෙට් කෙස්කින් මහතා, ඕස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරයේ හිටපු නියෝජ්‍ය සභාපති ඇන්ඩෘ ෆෙයාර්ලි මහතා, ඕස්ට්‍රේලියන් ටී මාස්ටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂරින් ජොන්ස්ටන් මහත්මිය, තේ ආනයනකරුවන්, කොන්සියුලර් බලකායේ සාමාජිකයින්, බැංකුකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු මෙල්බර්න් හි කීර්තිමත් පුද්ගලයන් රාශියක් සහභාගී වූහ.

 රැස්වීම අමතමින් වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරන්ගේ සම සභාපති ක්‍රේග් ඔන්ඩාර්චි මහතා, තමා කුඩා කල සිටම ලංකාවේ තේ පානය කළ අතර, තේ සමඟ බහු සංස්කෘතික වික්ටෝරියානු සමාජය එකතු කිරීමට ලබා දුන් අවස්ථාව අගය කරන බව පැවසීය. කොන්සල් ජෙනරාල් කපිල ෆොන්සේකා මහතා විසින් ලංකා තේ ප්‍රවර්ධනය කරමින් වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ලංකා තේ භාවිතයෙන් සකස් කරන ලද අයිස් තේ සහ උණුසුම්ව සාදන ලද පිරිසිදු ලංකා තේ අමුත්තන්ට රස බැලීමසඳහා ලබා දෙන ලදී.

 ඕස්ට්‍රේලියන් ටී මාස්ටර්ස් හි ප්‍රධාන විධායක නිලධාරිවරිය, ශ්‍රී ලංකාවේ කලාපීය තේ රසයන් හා රස බැලීමේ සැසියක් සූදානම් කළ අතර, ශ්‍රී ලංකාවේ තනි සම්භවයක් ඇති කලාපීය තේ වර්ග හතක් හඳුන්වා දුන්නාය. හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහතා පැමිණ සිටීම තේ සන්ධ්‍යාවේ දර්ශනීයභාවය සහ අලංකාරය වැඩිදියුණු කළේය. ඔහු තමාගේම සන්නාමයේ ලංකා තේ තෑගි වශයෙන් පිරිනැමීය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිෂ්පාදිත විශේෂ තේ මුහුණු ආවරණ ද සහභාගී වූවන්ට පරිත්‍යාග කරන ලදී.

 මෙම අවස්ථාවට සහභාගී වූ මෙල්බර්න් හි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු එස්. පී. මොහාන් මහතා, ඕස්ට්‍රේලියාව වෙත සහ ලොව පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අන්තර්ජාතික තේ දිනය නිමිත්තෙන් ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකා තේ රස විඳින්න අවස්ථාව
අන්තර්ජාතික තේ දිනය නිමිත්තෙන් ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකා තේ රස විඳින්න අවස්ථාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkXQiPjIbvfJ-HC4nungtQuoj-b80Bnh9T9rwyVpOjXpzvpDknkhh8SMeTxQXFtb_3MbbVsL92VDuaweSR1k-MqJdX_IjwtpnZTH3VANS8F8F7sdAPWymbvCLh72UhLRNpT-WZPDI82fc/s16000/ba1f87f61b6ae320d89058e346633a9a_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkXQiPjIbvfJ-HC4nungtQuoj-b80Bnh9T9rwyVpOjXpzvpDknkhh8SMeTxQXFtb_3MbbVsL92VDuaweSR1k-MqJdX_IjwtpnZTH3VANS8F8F7sdAPWymbvCLh72UhLRNpT-WZPDI82fc/s72-c/ba1f87f61b6ae320d89058e346633a9a_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/28-world%20tea%20day.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/28-world%20tea%20day.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content