එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ ය.
සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට අගමැති වරයා උපදෙස් ලබාදී තිබෙනවා. එසේ ම මෙවැනි ආපදාවලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරු වන නාලක ගොඩහේවා, කංචන විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.