ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් ලක්ෂ දහයක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇතත් එය ගෙන්වන්නේ කුමන රටකින්දැ'යි තීරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් හෙළිවී ඇත. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ලක්ෂ හයකට පමණ එහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත.
එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සඳහා තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමෙි සූදානමක් බව සෞඛ්‍ය ආරංචිමාර්ග මඟින් අනාවරණය කරයි.
එන්නත්කරනය සඳහා සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් සහ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 22ක මුදලක් වෙන්කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.