Header Ads

උණුසුම් පුවත්

සෙලින්කෝ ලයිෆ් වෙතින් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට අධි තාක්ෂණික වෙන්ටිලේටර් උපකරණ කට්ටලයක්

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලිින්කෝ ලයිෆ් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්වසන අපහසුතා දුරු කිරීම සඳහා අවශ්‍යව තිබූ HFNC උපකරණ කට්ටලයක් පරිත්‍යාග කලා.

 සමාගම විසින් මෙම HFNC උපකරණ කට්ටලය පරිත්‍යාග කරන ලද්දේ මීට පෙර සෙලින්කෝ ලයිෆ් විසින් රෝහලේ 24 වන වාට්ටුවට පරිත්‍යාග කරන ලද ඇඳන් 4 කින් යුත් අධි සත්කාර ඒකක (HDU) වෙතය. වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම උපකරණය භාවිතා කරනුයේ දැඩි ස්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන් සඳහායි.

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU ඒකක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වනවා.. මෙම ඒකක වල  රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කරනවා.

සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී  ලක්ෂික කෑරගල මහතා (වම් කෙලවරේ) විසින් කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මලිත් නන්දසේන මහතා වෙත උපකරණ කට්ටලය බාර දුන් අවස්ථාවයි.