Header Ads

උණුසුම් පුවත්

ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාදීම සුදුසුයි


ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කරමින් ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.