Header Ads

උණුසුම් පුවත්

යුරෝපා සංගම් තානාපතිවරු හා ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්


මෙරට යුරෝපා සංගම් තානාපතිවරු සහ විදේශ අමාත්‍ය නේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් සිදුව  තිබෙනවා.

යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම ජීඑස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුව තිබේ.

 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් කොවිඩ් -19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන කොවැක්ස් පහසුකම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ලබා දීමටද සාකච්ඡාවේදී එකඟතාව පළවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.