Header Ads

උණුසුම් පුවත්

ශානි යලි රිමාන්ඩ්


අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා ජුනි මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළා. 

ශානි අබේසේකරට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලකයි.