Header Ads

උණුසුම් පුවත්

ප්‍රපාතයේ දී මාරයා සමග ගත් සෙල්ෆිය


බිබිල-මැදගම මොරගොල්ල කන්ද තරණය කිරීමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු ගල්පර්වතයේ ගලකට නැඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා ප්‍රපාතයකට වැටීමෙන් සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ බිබිල-මැදගම දඹගල්ල පාර කරමැටිය පදිංචි 19 හැවිරිදි  තරුණයෙකි.
 
හෙතෙම මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ (18) මොරගොල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇත. මියගිය අකිල ඉමේෂ් ගල්තලාවේ උස ගලකට නැඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා අඩි සියයක පමණ ප්‍රපාතයකට වැටී ඇත.
 
ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මිතුරන් දෙදෙනා සිද්ධියෙන් කම්පනයට පත්වී දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පවනවා.
 
මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) පැවැත්වීමට නියමිතව තිබිණි.
 
බිබිල-මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.