කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි - අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් වලින් ඉහළ වර්ධනයක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතු වලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පොලී ආදායම් වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ  ප‍්‍රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට බැංකුව සමත්ව තිබෙනවා.

මේ අනුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී. එල්. සී සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2021 මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුනක කාලය තුළදී රුපියල් බිලියන 40.905 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර ශුද්ධ පොලී ආදායම 21.08% කින් රුපියල් බිලියන 15.477 කින් වර්ධනය වී තිබෙන්නේ පොලී වියදම 17.14% කින් රුපියල් බිලියන 16.218 ක් දක්වා අඩුවී තිබෙන වාතාවරණයක් තුළයි. මෙහිදී, පොලී අනුපාත අඩුකිරීම නිසා පොලී ආදායම 2.04% කින් අඩු වී රුපියල් බිලියන 31.695 ක් වී ඇත.

මීට අමතරව, බැංකුව 2020 වසර අවසානයේදී තිබූ සිය CASA අනුපාතය 42.72% ක සිට 45.26% ක් දක්වා මෙම කාල සීමාව තුළදී තවදුරටත් දියුණුකර ගැනීමට සමත්ව තිබෙන අතර මෙය බැංකුවේ පොලී වියදම් අඩුවීමට තවත් හේතුවක් වී තිබේ. CASA  තැන්පතු පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සලකා බලන කාල සීමාව තුළදී 36.04% කින් වර්ධනය වී තිබෙන අතර පසුගිය වසරේ සමස්ත තැන්පතු වර්ධනයෙන් 70% කට වැඩි ප‍්‍රමාණයක් සඳහා දායක වී ඇත්තේ එම තැම්පතුය. එසේම, වගකීම් කාලීනව නැවත මිලකරණය කිරීම නිසා තවදුරටත් අරමුදල්වල පිරිවැය අඩුකර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය සමත්ව තිබේ.

සලකා බලන කාර්තුව සඳහා සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 24.161 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය 21.73% ක වර්ධනයකි. හානිපූර්ණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් වෙන් කරන ගාස්තු 7.56% කින් රුපියල් බිලියන 7.156 ක් දක්වා ඉහළ දමා තිබීම මෙහිදී කැපී පෙනේ.

මේ හේතුවෙන් සලකා බලන කාල සීමාව තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම් 28.88% කින් රුපියල් බිලියන 17.005 ක් දක්වා වර්ධනය වී තිබෙන නමුත් මෙහෙයුම් වියදම් වර්ධනය රුපියල් බිලියන 7.052 ක් දක්වා 4.53% ක් ලෙස සීමාකර ගැනීමට සමත්වීම සාර්ථකත්වයට හේතුවී ඇත. මේ නිසා, සලකා බලන කාල සීමාව තුළදී මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 9.952 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමූහය සමත්වී තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 54.35% ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර, ලාභ වර්ධනය වීම හමුවේ මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු ප‍්‍රමාණය 53.39% කින් රුපියල් බිලියන 1.548 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර සලකා බලන මාස තුනක කාල සීමාව තුළදී බැංකු සමූහය විසින් ආදායම් බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 8.404 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන්නේ 2020 ආදාළ කාලයට සාපේක්ෂව 54.55% ක වර්ධනයක් ලබාගනිමිනි.

ලබාගත් මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුව විසින් 2020 අවසන් කාලයේදී ලබාගත් කාර්යසාධනය මෙම වර්ධනයට පදනම් වුණා. එය ළඟාකරගත්තේ වෙළෙඳපොළට බලපාන වර්ධනය වෙමින් තිබූ තත්ත්වයන්ට අපගේ ප‍්‍රතිචාරය මෙන්ම බලාපොරොත්තු වූ ණය අලාභයන් සඳහා ගැලපෙන හානිපූර්ණ ගාස්තු වැනි දෑ ඇතුළත්වූ සාධක කිහිපයක් ඉතාමත් සැලකිල්ලෙන් සමබර කර ගැනීම මගිනුයි. ඉදිරියේදී ප‍්‍රබල අර්බුද අප හමුවේ නොමැති වුවහොත් කෙටි කාලීනව මෙම වර්ධනය පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වනවා.’

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ණය සහන වලට යටත් බැංකුවේ ණය පොත ආසන්න වශයෙන් 6% දක්වා අඩුවුණා. ඒ නමුත්, කොවිඞ්-19 තුන්වන රැල්ලේ බලපෑම ගැන අපිට කියන්න පුළුවන් වෙන්නේ ඉදිරියට. මේ නිසා, පොලී අන්තරයන් කළමනාකරණය සහ මූල්‍ය වත්කම් කළඹ සහ විදේශ මුදල් මෙහෙයුම් කටයුතු උපායමාර්ගීකරණය කිරීමේදී මෙම බලපෑම් පිළිබඳව බැංකුව අවබෝධයෙන් සිටිනවා. බැංකුව බුද්ධිමත්ව කටයුතු කර අදාළ කාර්තුව තුළදී ණය සහනයට අදාළ වූ පොලී වලින් කොටසක් වෙනුවෙන් අමතර හානි පූර්ණ ගාස්තු වෙන් කිරීමට කටයුතු කළා.’

සලකා බලන කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු ගෙවීමෙන් පසුව රුපියල් බිලියන 6.797 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව බැලීමේදී 78.20% ක වර්ධනයකි. කොමර්ෂල් බැංකුව තනිව ගත්විට සලකා බලන මාස තුනක කාලය තුළදී බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 8.183 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 56.51% ක වර්ධනයක් වන අතර බදු ගෙවීමෙන් පසුව රුපියල් බිලියන 6.658 ක ලාභයක් වාර්තා කර ඇත. එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 79.63% ක වර්ධනයක් බව බැංකුව සඳහන් කරයි.

2021 මුල් කාර්තුව තුළදී සමූහයේ සමස්ත වත්කම් රුපියල් බිලියන 62 කින් හෙවත් 3.51% කින් 2021 මාර්තු 31 වනදා වනවිට රුපියල් ටි‍්‍රලියන 1.824 ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම, පෙර මාස 12 ට සාපේක්ෂව සමූහයේ වත්කම් රුපියල් බිලියන 351 කින් හෙවත් 23.83% කින් වර්ධනය වී තිබේ.

මේ අතර, දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 24.80 කින් හෙවත් 2.58% කින් රුපියල් බිලියන 986.662 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 8.268 ක වර්ධනයක් වේ.

මෙම කාල සීමාව තුළදී බැංකු සමූහයේ සමස්ත තැන්පතු රුපියල් බිලියන 60 කින් හෙවත් 4.66% කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන අතර එය මාසයකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 20 ක වර්ධනයකි. මේ අනුව, 2021 මාර්තු 31 වනදා වනවිට බැංකු සමූහයේ තිබෙන සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.347 ක්වේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා (වම) සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි - අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් වලින් ඉහළ වර්ධනයක්
කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි - අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් වලින් ඉහළ වර්ධනයක්
කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි - අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් වලින් ඉහළ වර්ධනයක් combank-makes-strong-start-to-2021-with-robust-growth-in-fund
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_h126LEI7hIRDMVSj3a45WRgn7v1a0SYmtmJ9LPNbmciGp_UnSykFFfxlrz1xYiK6eR_SH6O3gXS7sFcRjagymZj66_jdjzgMimTeuVNTMF8eiKXzf4PV9fEkSIMtbYs9Saiq4sa-fIY/s16000/Commercial-baks-sri-lanka.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_h126LEI7hIRDMVSj3a45WRgn7v1a0SYmtmJ9LPNbmciGp_UnSykFFfxlrz1xYiK6eR_SH6O3gXS7sFcRjagymZj66_jdjzgMimTeuVNTMF8eiKXzf4PV9fEkSIMtbYs9Saiq4sa-fIY/s72-c/Commercial-baks-sri-lanka.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/combank-makes-strong-start-to-2021-with-robust-growth-in-fund-based-operations.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/combank-makes-strong-start-to-2021-with-robust-growth-in-fund-based-operations.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content