ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා රුපියල් 5000ක මුදලක් අයකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ අහෙළිදරව්වක් සිදුකලා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ එම කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තම සංගමය සතු බවයි. අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සඳහා මේ වනවිට ඇත්තේ 50,000ට වඩා අඩු තොගයක් බවයි.
ඒ අනුව එන්නතේ දෙවන මාත්‍රාව සඳහා ඇති ඉල්ලුම මුදලට විකිණීමේ කිසියම් ජාවාරමක් ක්‍රියාත්මක වනවාද යන්න සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවා.