Header Ads

උණුසුම් පුවත්

විශාල ඔක්සිජන් ජනක 03ක් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර දහසක් රැගත් ගුවන් යානයඉන්දියාව බලා පිටත්වෙයි


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ රෝහල්වලට අවශ්‍ය ටොන් 18 ක් බරැති ඔක්සිජන් ජනක 03ක් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර දහසක් රැගත් ගුවන් යානය උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරින් ඊයේ ඉන්දියාව බලා ගමන් ආරමභකර තිබෙනවා. 

ඉතා විශාල ප්‍රමාණයේ එම සෑම ඔක්සිජන් ජනක යන්ත්‍රයකින්ම මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් 500 ක් නිෂ්පාදනය කළ හැකි අතර එය එක්වරක රෝගීන් 50 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත්. 

ජීවිතාරක්ෂක මෙහෙයුමක් ලෙස ඉන්දියාවේ රෝහල් වලට සහය වීම සඳහා එම ඔක්සිජන් ජනක ඉන්දියාව වෙත යැවූ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප්‍රකාශ කර තිබෙනවා.