බස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබෙනවා.
ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඊයේ (07) දිනය තුළ පමණක් ආසාදිතයින් 1,393 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 591ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 368 ක් හඳුනාගෙන තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදීය, නාරාහේන්පිට ,බොරැල්ල, මහරගම, මරදාන, අවිස්සාවේල්ල, පිළියන්දල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව කුරුණෑගල 127ක්, මහනුවර 78 ක්, රත්නපුර 53ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
කොවිඩ් ආසාදිතයින් 1,914ක් ඊයේ (07) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 121,338ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ඊයේ දිනයේ හදුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 1,889 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින් වන අතර 25 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.




