Header Ads

උණුසුම් පුවත්

දැවැන්ත චීන රොකට් කැබැල්ලක් ඉදිරියේදී මහ පොළොවට


චීනය විසින් සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටස ඉදිරි පැය 24 තුළ පෘථිවියට කඩා වැටෙන බව නාසා විද්‍යාඥයන් පවසනවා.  

එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ නමුත්, එය ගුවනේදී විනාශ වීමට සැලසුමක් නොමැති අතර, රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියා. 

චීන රොකට් යානා කොටස අද සන්ධ්‍යාවේ හෝ හෙට උදෑසන පෘථිවි වායුගෝලයට ඇතුළුවේයැයි අපේක්ෂා කරන අතර, නිෂ්චිත ගමන් මාර්ගයක් අනුමාන කිරීම දුෂ්කර බව සඳහන්. 

මෙය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටෙන විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා.