Header Ads

උණුසුම් පුවත්

බද්දේගම සමිත හිමි දැඩි සත්කාර ඒකකයට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන්ටත් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත්, මේ වන විට දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් පැවසේ.

කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් පසුගිය සමයේ දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසේ.