දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම සේවා වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත සහ පල්ලියවත්ත දකුණ ග්‍රාමසේවා වසම් හුදෙකලා කෙරෙන අතර, මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරඟ පොකුණ, ගල්උඩුපිට සහ මත්තුමගල ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත මෙන්ම, කළුතර උතුර විද්‍යාසාර ග්‍රාමසේවා වසමේ බෝසිරිපුර කොටස සහ මහ වස්කඩුව උතුර ග්‍රාමසේවා වසමද මෙලෙස හුදෙකලාවට ලක් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගමද හුදෙකලාවට ලක් කළ බව යුද හමුදාපතිවරයා නිවේදනය කඝා. මීට අමතරව යාපනය කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමන් මධ්‍යම සහ කොඩිකාමන් උතුර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරෙනවා.
මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 08 ක් ද හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම සේවා වසම සහ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරුණා.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මලියගොඩ සහ පියදිගම ග්‍රාම සේවා වසම් අද උදෑසන පහේ සිට හුදෙකලාවට ලක් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.




