තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොළේ කන්ද, රඹුක, කත්ලාන, තනබෙල, ඉඹුක්කන්ද සහ පොතුපිටිය දකුණ යන ග්‍රාම සේවා වසම් හුදෙකලා වනු ඇති.
කලවාන පොලිස් බලප්‍රදේශයේ පනාකොළ, කුඹුක්මිටිය, කුඩාව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, ද්වාලගම, ගලහාගල, කොස්වත්ත සහ කපස්සර කන්ද ග්‍රාම සේවා වසම ද හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.
වතුරාව, වෙම්බිටියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර සහ දවුලගලගම ග්‍රාම සේවා වසම ද අලුතින් හුදෙකලා කෙරෙන ප්‍රදේශ වලට අයත්. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම ද මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා.
කලවාන බටහිර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රධාන නගරයේ සිට නැගෙනහිර දොලහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ද හුදෙකලා කර තිබෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළිඳුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කූම්බස් වතුයාය ද හුදෙකලා කර ඇතිබවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.