Header Ads

උණුසුම් පුවත්

හොරණට සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන් ඉල්ලීමක්


කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමත් සමග හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලධාරීන්ට පවසා තිබේ.

එම සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ සභාපති පී.සී. සේනාරත්න මහතා සඳහන් කළේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන රැසකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.