කොවිඩ් 19 ව්‍යාප්තියේ අවධානම මැඩපැවැත්වීම සඳහා රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට සහය වෙමින් නාවික හමුදාව ඊයේ (11) ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී කොව්ඩ් 19 අවධානම හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව සිදු කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත්කරණය කිරීමේ වැඩ පිළිවෙල වේගවත් කිරීමේ වැඩසටහනට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා වෛද්‍යරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දෙකක් මෙලෙස යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.