නිරෝධායන රෙගුලාසි යටතේ බස්නාහිර පළාත තුළ ජංගම වෙළෙඳුන් 187 දෙනෙකු හා ආයතන 852ක් ඊයේ (06) දිනයේ පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
එම පරීක්ෂාවලින් නිරෝධායන උපදෙස් කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.
අදාළ මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මක කෙරේ.
මේ අතර නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිසෙන් 101ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදීය.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.





