Header Ads

උණුසුම් පුවත්

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 104කට කොරෝනා


බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

රැඳවියන් 211 අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇති අතර කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ  රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාරය තුළ මේ වන විට රැදවියන් 536 දෙනෙකු රඳවා සිටින අතර ඔවුනට ද කඩිනමින් පී . සී ආර් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා.