ඊයේ දිනය තුළ මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු වාර්තා වුණා. ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,914 දෙනා සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ එක්ලක්ෂ විසි එක් දහස් 338 ක් ලෙසටයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,830 ක් වනවා.
රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු ඊයේ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 1,763 ලෙස යි.