මේ වනවිට දුම්රිය ධාවනයේ ගැටලුවක් නිර්මාණය වීමට හේතුව දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට ද සිදුව ඇති බවයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පොදු ප්‍රවාහනයේදී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු වනවා.
කෙසේ වෙතත්, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුල දුම්රිය මගීන්ට සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව දුම්රියේ ගමන් කිරීමටයි.
මේ අතර, කොරෝනා වසංගතය හමුවේ සේවා කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.