ඊයේ දිනය ගුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,895 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයින්ගෙන් 1,851දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලයින් වන අතර ඉතිරි 44 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර මහත්මිය සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 461 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.
ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 326කි.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, බොරැල්ල, වැල්ලම්පිටිය, නාරාහේන්පිට, මහරගම, දෙහිවල, තලංගම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.
කළුතරින් 309කි.
මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ද කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 153කි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඊට අමතරව රත්නපුරයෙන් 68ක්, අනුරාධපුරයෙන් 62ක්, පුත්තලමෙන් 60ක් සහ අම්පාරෙන් 58ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඒ සමග මෙරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 119,424 දක්වා ඉහළගොස් ඇත.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 17,794 කි.
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745කි.
සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව පසුගිය දින 05 තුළ පමණක් මෙරටින් කොවිඩ් මරණ 58ක් වාර්තා වී ඇත.
මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 17,805 දෙනෙකු ප්‍රතිකාර ලැබිය යුතු වුවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනය වනවිට පුද්ගලයින් 13,043 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.




