රසායනික පොහොර ආනයනය සීමා කිරීම අප වසර 20-30ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයක්


රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නැවත්වීම සදහා ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා ධෛර්යමත් සහ නිර්භිත දේශපාලන තීන්දුවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සදහන් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ  මහතා සදහන් කර ඇත්තේ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නැවත්වීම පිළිබද ඔබතුමා විසින්  ගනුලබූ තීන්දුව අප වසර 20-30ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් බවයි.

උපුටාගැනීම


රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නැවත්වීම සදහා ඔබතුමා විසින් ගනුලැබූ තීරණය ඉතා ධෛර්යමත් සහ නිර්භිත දේශපාලන තීන්දුවක් ලෙස අපි සළකමු. විවිධ පාර්ශ්ව වල ප්‍රතිචාර කුමක්විය හකිදැයි මානසික බාධක පනවා ගැනීමෙන් තොරව එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීම මගින් ඔබතුමා විසින් පෙන්වා අති නායකත්ව පෞරුෂයද අපි අගය කරමු. විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්වය තුළ ජාතියක් ලෙස නැවත නගී සිටීම සදහා එවැනි බරපතළ වෙනස්කම් කිරීමට ද සිදුවන බව අපි කල්පනා කරමු. මෙතෙක් අපි විසින් නඩත්තු කළ නිෂ්පාදන පද්ධතිය සහ ජීවන ක්‍රමය හෙවත් සමස්ථ මොඩලයම වෙනස් කිරීමෙන් තොරව අපට ජාතියක් ලෙස නැවත නැගී සිටිය නොහැකි බව දැන් සක්සුදක් සේ ඉතා පැහැදිළිය.

ඇත්ත වශයෙන්ම ඔබතුමා විසින් ගනුලබූ තීන්දුව අප වසර 20-30ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයකි. ඒ නිසා එම තීන්දුව යථාර්ථයක් බවට පත් කිරීම සදහාවිශේෂයෙන්ම ඊට එරෙහිව කටයුතු කරන මහා සමාගම් හෝ ඔවුන්ගේ උවමනාවන් ඉටුකරන දේශපාලන පක්ෂ වලට ඊට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබානොදීම සදහාජාතික සංවිධාන එකමුතුව ලෙස අපි දොළොස් වදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් ඔබතුමා වෙත මෙසේ ඉදිරිපත් කරමු.

ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය

 

1. ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ  නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා නිශ්චිත කාල පරාසයකදී කියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.

 

2. එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික  පොහොර ගොවිබිමේ උනතාවයන් අනුව ප්‍රසස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම. එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ.

 

3. කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම සහ වෙළදපල තුළ කෘතිම ලෙස හිගයක් මවාපාමින් මිල ඉහළ දමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළදපල තුළ මිල පාලනයක් හදුන්වාදීම.

 

4. දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා ඍජුව මුදල් ලෙස ගෙවීම සහ  එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගෙවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම. ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩ කිරීම සදහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ.

 

5. ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනැගැනීම. එමගින් සහ පොහොර බාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක. 

 

6. කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පේස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම. ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිලදී ගැනීම සදහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය  වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම.

 

7. රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබණික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.

 

8. දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිල අඩු කිරීම සදහා රජය විසින් එකගතාවයන්ට අනුව සහන ලබාදීම. එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රවශ යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතු යැයි

 

9. කාබනික වගාවන් හෙවත්  ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සදහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබදව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සදහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සදහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක)

 

10. ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හදුන්වාදී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන ශුණය අයවැය ගොවිතැන්ක්‍රම හදුන්වාදීම සදහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හදුන්වාදීම සහ ඒ තුළ භොගවගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සදහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රබේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම

 

11. රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සදහා ඊට අදාල පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිරේදේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන පනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වාදීම.

 

12. ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතුවගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබදව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපන වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්දෙල්පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සදහා පලතවානකරුවන් දිරිමත් කිරීම සදහා වැඩසටහන් හදුන්වාදී දීම. වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රබේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සදහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රසායනික පොහොර ආනයනය සීමා කිරීම අප වසර 20-30ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයක්
රසායනික පොහොර ආනයනය සීමා කිරීම අප වසර 20-30ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidSZvKKX1GgVLNt9OKa08uhIVpQ6yAm6IPu-pZBKPNbZy22Wlhu5aYBWXllIWSC2kLWrGrcxmQUhfnH2L7pjkE4YIktCRPiDCiRYBLOAKqGRWzcmDKbYdhzHNpRZ78yAlUtl6bbryvcoQ/s16000/gunadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidSZvKKX1GgVLNt9OKa08uhIVpQ6yAm6IPu-pZBKPNbZy22Wlhu5aYBWXllIWSC2kLWrGrcxmQUhfnH2L7pjkE4YIktCRPiDCiRYBLOAKqGRWzcmDKbYdhzHNpRZ78yAlUtl6bbryvcoQ/s72-c/gunadasa.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/gunadasa%20amarasekara.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/gunadasa%20amarasekara.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content