කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 100ක ආයෝජනයකින් අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවට රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සභාපතීත්වය දරණ මෙම මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අනාවරණ වුණේ පළමු අදියර, අන්තර්ජාතික ඒ ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණකින් ද, උසස් ස්තරයේ නිවාස කුළුනු දෙකකින්ද, සිල්ලර වෙළඳ පීඨිකාවකින්ද සමන්විත බවයි.
එමෙනම දෙවන අදියර ද අන්තර්ජාතික ඒ ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණුකින්ද, සිල්ලර වෙළද පීඨිකාවකින්ද යුක්ත බව එහිදී අනාවරණය වී තිබෙනවා.
බදු සහන රාශියක් ලබාදෙන මෙම ව්‍යාපෘති අනිවාර්යෙන්ම රටේ සමස්ත ආර්ථිකයට ඍජු දායකත්වයක් දැක්විය යුතු බව ආයෝජන මණ්ඩලය වෙත අවධාරණය කර සිටි රජයේ මුදල් කාරක සභාව ඊට සිය අනුමැතිය ලබා දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සදහන් කළා.