කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරොනා රෝගීන් නිවෙස් වල රඳවන ආකාරය පිළිබඳව විස්තර කරයි.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරතුර කොරෝනා රෝගීන් සියලු දෙනා නිවෙස් තුළ රැඳවීමට පියවර නොගන්නා බවද තවදුරටත් ඔහු ප්‍රකාශ කර ඇත.
"ජනාධිපතිතුමා සහවිශේෂඥ වෛද්‍යවරුන් කාර්ය සාධක බලකායේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ ක්‍රමවේදය ගැන පැහැදිලි කළා.නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා .ඒ නිර්ණායක මේ සති අන්තයේ දී සකස් වේවි."
"මේකෙන් කියන්නේඔක්කොම ගෙදර තියෙනවා කියන එක නෙවෙයි.මෙතනදී අනුගමනය කරන ක්‍රම තුනක් තිබෙනවා.බරපතළ අය රෝහල් තුළම ප්‍රතිකාර ගත යුතුයි .බරපතළ නැති අය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරනවා . රෝගය වැළඳී ඇතත් රෝග ලක්ෂණ නොමැති වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිටිය හැකි අය පමණක් නිවෙස්වල රඳවනවා .නමුත් මේක තෝරන්නේ වෙනත් කවුරුත් නෙවෙයි වෛද්‍යවරුන්.නමුත් සමහරුන්ට නිවෙස්වල ඉන්න පහසුකම් නෑ .ඒ වගේ අය අනිවාර්යෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවනවා ."



