දැනට රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීම ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා .
මේ යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහල) තුළ ඉදි කෙරෙන මහල් 10 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කොට එය කඩිනමින් නිම කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් උපදෙස් දෙන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 743 ක් වැය කරමින් මෙම මහල් 10 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකරයි.
ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල ශල්‍යාගාර 07 කින්, පරීක්ෂණාගාර 05 කින්, බාහිර රෝග ප්‍රතිකාර අංශ 02 කින් සහ මිලේනියම් නමින් හැදින්වෙන නේවාසික රෝහල් වාට්ටු සංකීර්ණයකින් සමන්විත වේ. රෝගීන් විශාල ප්‍රමාණයකට මෙහි දී නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සකස් කරමින් සිටී.