Header Ads

උණුසුම් පුවත්

හෙට රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා (Update)


හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියා.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මීට පෙර අද උදෑසන  ඔහු නිවේදනය කර සිටියේ අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ පමණක් දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බවයි.