Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති උල්ලංගණය කෙරූ ජවිපෙ විරොධතාවයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග


නිරෝධායන නීති උල්ලංගණය වන ආකාරයට විරෝධතාවයක් පැවැත්වූ බවට ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අධිකරණයට කරනු ලැබූ කරුණු වාර්තා කිරීම් වලට අනුව එය මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිවයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පෙරවරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මෙම විරෝධතා නිරෝධායන නීති උල්ලංගණය කරමින් පැවති බවට වැලිකඩ පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.