Header Ads

උණුසුම් පුවත්

පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීම අද පස්වරුවේ


කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ, දෙවන දිනටත් එම කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුවයි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවටත් ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා සදහන් කළා.කෙසේ වෙතත්, රජය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගනිමින් සංශෝධන ඇතුළත් කිරීමෙන් අනතුරුව සරල බහුතරයකින් එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.