ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ පසුගිය 22 වන දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදි වෙරලේ අතහැර දමා තිබු කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානය මගින් මැයි මස 22 වන දින රාත්‍රියේ යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දි නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් වෙරලේ අතහැර දමන ලද උර 4ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
තවද, මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 39.54 පමණ වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය අද (23) උතුරු නාවික විධානයේදි ගිනි තබා විනාශ කිරිමට කටයුතු කෙරිණි.




