ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ පසුගිය 20 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු මැද නාවික විධානය මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම, සායිඩ් සිටි ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මෙම සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 21 ක් වන මන්නාරම, සෙල්ව නගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, අදාල සැකකරු සහ ඔහු සතුව තිබූ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.




