Header Ads

උණුසුම් පුවත්

ඉපලෝගම පොලිසියේ නිළධාරීන් 15කට කොවිඩ්


ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ කොරෝනා වෛරසය ආසාධිත බවට වාර්තා වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා.

 පොලීසිය සදහන් කළේ මේ වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි. 

පවතින කොරෝනා තත්ත්වයට අනුව අදාළ පොලිස් ස්ථානය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව ඊට වෙනත් කණ්ඩායමක් යොදවා එහි කටයුතු ආරම්භ කර තිබෙනවා.