Header Ads

උණුසුම් පුවත්

“ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව

 


කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනෝන්‍ය  අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.

අද (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of  Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතු බවත් ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රිකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී  පෙන්වා දුන්නා.

කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිවරයා එම සමූළුව අමතමින් සඳහන් කර සිටියා.