මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව, සින්නයුරානි,පලමීන්මඩු,තිරුචේන්තුර්,කල්ලඩි වෙල්ලූර් ග්‍රාම නිලධාරී වසම් සහ නොච්චිමුනෙයි ග්‍රාම නිලධාරී වසමේ පූනොච්චිමූනෙයි ගම්මානය යන ප්‍රදේශ හුදෙකලා කර තිබෙනවා.
එසේම දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් 38ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 8ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 9ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 16ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් සහ නුවරඑළිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල එක් ග්‍රාම නිලධාරී වසම බැගින් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා.