Header Ads

උණුසුම් පුවත්

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීම තහනම්


සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සියලු සංචරණ තහනම් බවයි.  ඒ අනූව අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සදහන් කළා