මෙරට ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු අද ආරම්භකිරීමට නියමිතයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් එහි වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරෙනවා.
මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9ක්. රුවන්පුර අධිවේගී මාර්ගය අදියර 3ක් යටතේ ඉදිකෙරෙන අතර එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබන්නේ මාගා ඉංජිනේරු සමාගම මගින්.
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වන අතර ඒ සඳහා මාස 30 ක කාලයක් වය වෙතැයි ගණන් බලා තිබෙනවා.




