පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන්ගේ කේරළ සබඳතා ගැන ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය ඒකාබද්ධ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
2009 දී රිෂාඞ් කේරළයට පැමිණ එම ප‍්‍රාන්තයේ ආගමික නායකයන් කීපදෙනකු මුණගැසී තිබේ. එසේම 2013 දී කර්මාන්ත ඇමැති ලෙස ඔහු චෙන්නායි නුවර සංචාරයක යෙදී ඇත.
ඉන්දීය බුද්ධි අංශ පැවසුවේ රිෂාඞ්ගේ පියා කසර්ගොඞ් පදානා ප‍්‍රදේශයෙන් පැවත එන බවයි. මේ අතර ඉන්දීය බුද්ධි අංශ 2013 දී තමිල්නාඩුවේ අයිඑස් මතවාදියකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බෝම්බකරු සහරාන් සමග සබඳකම් පැවැත් වූවකු බවද හෙළි වී ඇත.
කේරළ පොලිස්පති ලෝක්නාත් මෙහෙරා පැවසූවේ ශ‍්‍රී ලංකා රජය අත්අඩංගුවට ගත් රිෂාඞ් බදුර්දීන්ගේ කේරළ සබඳතා විමර්ශනය කරන බවයි.
2016 දී පදානා ප‍්‍රදේශයේ මුස්ලිම් පවුල් පහක් සිරියාවට ගොස් අයි. එස්. සංවිධානයට එක් වී ඇති අතර ඔවුන් ගැන මෙතෙක් හෙළි වී නැත.
මේ නිසා රිෂාඞ් බදුර්දීන්ගේ කසර්ගොඞ් සබඳතා ගැන වැඩිදුරටත් නිරීක්‍ෂණය කරන බව පොලිස්පතිවරයා පළ කළේය.




