කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාව සුවපත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන සමගි ජන බලවේගය විසින් "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 13වන පියවර ලෙස රුපියල් එකොළොස් ලක්ෂ අනූදහසක් (1,190,000) රෝහල් උපකරණ (21) පරිත්‍යාග කරනු ලැබීය . රු. පන්ලක්ෂ අනූපන්දහසක් (595,000) වටිනා Non invasive ventilator දෙකක් මෙලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වීරවත්ත මහතාවෙත පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කරයි