නයිජීරියාව බියෙන් සලිත කළ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබුබකර් ශෙකාඕ, බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගෙන ඇති බවට පළවන වාර්තා පිළිබඳ ව සොයාබලමින් සිටින බව නයිජීරියානු හමුදාව පවසයි.
තමාව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට හසුවෙතැයි බියෙන් ශෙකාඕ, යමක් පුපුරවාගෙන මියගොස් ඇති බවට වාර්තා වේ.
නයිජීරියානු පාලනයට එරෙහිව ඔහු වසර 10ක් පමණ සටන්වැදුණු අතර ඔහුගේ අනත්වාදී ක්‍රියා හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වී තිබේ.
මීට පෙරද ඔහු මියගොස් ඇති බවට කිහිපවරක් වාර්තා පළවිය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ සම්බීසා ඝන වනාන්තරයේ පිහිටි ස්ථානයකදී ඔහු මරණයට පත්වූ බවය. බෝකෝ හරාම් සංවිධානයෙන් කැඩී ගිය "Islamic State West African Province" නම් සංවිධානයේ පිරිසක් විසින් අබුබකර් ශෙකාඕ ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඇඳුමක් (වෙස්ට් එකක්) පුපුරුවා ගනිමින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.