Header Ads

උණුසුම් පුවත්

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ ආසාදිතයින් ඉහළට


තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ සෙන්ට් කුම්බ්ස් වතුයායේ නිලධාරින් සහ සේවකයින් 140 දෙනෙකු අද දින කොරෝනා පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා. ඒ තේ පර්යේෂණ ආයතනයේ සහ කර්මාන්තශාලාවක 30 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව, අද දිනයේ ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින්ට මෙලෙස කොරෝනා පරීක්ෂණ සිදුකල බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.