යුද්ධ හමුදාව මගින් සීදුවේ ඉදිකරන කොවිඩ් රෝහලේ කටයුතු අවසන් අදියරේ


කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවති. මෙම රෝහල සීදූව ප්‍රදේශයේ පිහිටා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට මෙම රෝහල ගාස්තු අයකිරීමකින් තොරව පහසුකම් සපයන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. නවීනතම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත මෙම රෝහල වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද නවීනතම උපාංග භාවිතා කරනු ලබයි. 

මෙරට තුළ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ තෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා මූලිකවම රෝගීන් 1200 කට නවාතැන් පහසුකම් සැපයීමට හැකිවන පරිදි යුද්ධ හමුදාව විසින් මෙම රෝහල කඩිනමින් ඉදිකරනු ලබයි. මෙම රෝහල හදිසි ප්‍රතිකාර පහසුකම්, හුදකලා කිරීමේ අංශයන්, දැඩිසත්කාර ඒකකයක්, ඖෂධ ශාලා, රෝගී පුනර්ජීවන අංශ සහ තවත් පහසුකම් රාශියකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල වෙන අතර එය සතියක වැනි කෙටි කාලයක් තුළදී ඉදිකිරීම ද විශේෂත්වයකි.

කොවිඩ් - 19 වෛරසය තවදුරටත් පැතිරුනහොත් යුද්ධ හමුදා කඳවුරු වල තිබෙන ඇඳන් සියල්ලම ආසාදිතයින්ගේ භාවිතය සඳහා ලබාදෙන බවත් කිසිම රෝගියෙකුට බිම නිදාගැනීමට ඉඩ නොතබන බවත් යුද්ධ හමුදාව ඒ වෙනුවෙන් ගස් යට හෝ සිටිමින් ආරක්‍ෂක කටයුතු වල නියැලී ශ්‍රී ලාංකික ජනතාවට උපරිම පහසුකම් සපයන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. තවදුරටත් අදහස් දක්වමින් එතුමන් පැවසුවේ දැනට සීදූවේ පිහිටුවනු ලබන මෙම රෝහල සඳහා යුද්ධ හමුදාව මගින් නිෂ්පාදනය කරනු ලැබූ ඇඳන් 1200 ක් සපයා ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපනය වන රෝහල් අවශ්‍යතාවයන් සඳහා මූලික වශයෙන් 5000 ක් දක්වා වැඩි කරනු ලබන අතර ඉදිරි සති කිහිපය තුල දිවයින පුරා ස්ථාපිත කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ඇඳන් 10000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට කොවිඩ් - 19 රෝගීන් වෙනුවෙන් වැඩිදියුණු කරන ලද මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු නිමකිරීම සබැඳිව අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ යුද්ධ හමුදාව විසින් රෝහල් ධාරිතාව, අතරමැදි සත්කාර මධ්‍යස්ථාන සඳහා දැනටමත් ඇඳන් වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවත් දැඩිසත්කාර ඒකකයන් සඳහා ද ඇඳන් ලබාදී ඇති බවයි. දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ඇඳන් 86,000 ක් අතුරින්, ඇඳන් 5000 ක් පමණ කොවිඩ් - 19 හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කළ අතර එම ධාරිතාවය මේ වනවිට ප්‍රමාණවත් නොවන බැවින් යුද්ධ හමුදාව විසින් මූලික අවධියේදී ඇඳන් 3000 - 3500 ක් පමණ ලබා දී ඇත. නමුත් නව රෝහල් පිහිටුවීමෙන් සාමාන්‍ය රෝහල් තුළ ඇති තදබදය අවම කරගැනීමටත්, ආසාදිතයින් සඳහා රෝහල් තුළ ඇති ඇඳන් ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීමටත් යුද්ධ හමුදාව සහතික වන බව හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: යුද්ධ හමුදාව මගින් සීදුවේ ඉදිකරන කොවිඩ් රෝහලේ කටයුතු අවසන් අදියරේ
යුද්ධ හමුදාව මගින් සීදුවේ ඉදිකරන කොවිඩ් රෝහලේ කටයුතු අවසන් අදියරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-70_vlJ4GqNn5BUHqiuJR4_2MVq-TwGhMTJ1Z9SHvTvL52iJaoRXj1NjaAUADZvN65x3cEyPdkr9odss-nvsXRqoCVgjW_srzwHI3NBjNJk1NX3vnNDtqLcvVFtsJIbMFzWgKyIKP26c/s16000/c27907a7-91fe-4bf3-9526-21d323c80ae3.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-70_vlJ4GqNn5BUHqiuJR4_2MVq-TwGhMTJ1Z9SHvTvL52iJaoRXj1NjaAUADZvN65x3cEyPdkr9odss-nvsXRqoCVgjW_srzwHI3NBjNJk1NX3vnNDtqLcvVFtsJIbMFzWgKyIKP26c/s72-c/c27907a7-91fe-4bf3-9526-21d323c80ae3.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/covid19-seduwa-hospital-slarmy.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/covid19-seduwa-hospital-slarmy.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content