යූනියන් ඇෂුවරන්ස් වසරේ ජීවිත රක්ෂණ සමාගම ලෙස Business Leader සම්මානයට පාත‍්‍ර වෙයි

ජූඞ් ගෝම්ස් මහතා -  යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී 


ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සීඝ‍්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් ලෝක නායකත්ව සම්මේලනය විසින් ඉන්දියාවේ මුම්බායි හිදී සංවිධානය කරන ලද Business Leader of the Year සම්මාන උළෙලේදී ඉහළම පෙළේ සම්මාන 6කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.

සිය නවෝත්පාදන හා ශක්තිමත් සන්නාම හැකියාවන් හා අරමුණු මත පදනම්ව ඉහළ වැදගත්කමකින් යුත් රක්ෂණ සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයින් කේන්ද්‍ර කොටගත් ඩිජිටල් මෙහෙයුම් ආකෘතියක් අනුගමනය කිරීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙන්ම වසරේ වඩාත් ප‍්‍රශංසනීයම සමාගම ලෙස ද සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට යූනියන් නියන් ඇෂුවරන්ස් සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

යූනියන් ඇෂුවරන්ස් සමාගම ජීවිත රක්ෂණ  ක්ෂේත‍්‍රයේ ඒ ආකාරයෙන් ගෞරවයට පාත‍්‍ර වන විට එහි ප‍්‍රධාන විධායක නිළධාරී ජූඞ් ගෝම්ස් මහතාද වසරේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූයේ වසරේ දැක්මක් සහිත නායකයා සම්මානයේ ගෞරවය ද තමන් වෙත හිමිකර ගනිමිනි. 2020 වසරේදී අත්විඳි පෙර නොවූ විරූ අභියෝග රැසක් හමුවේ නවෝත්පාදනය හා පරිවර්තනීය දැක්මක් තුළින් ගනුදෙනුකරුවන්, රක්ෂණ සේවාවන් මෙන්ම ආයතනික ක‍්‍රියාවලීන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දැක් වූ පුරෝගාමී නායකත්වය අගයමින් ජූඞ් ගෝම්ස් මහතාට එම සම්මාන ද්විත්වයම පිරිනැමීම සුවිශේෂී වේ. මීට අමතරව යූනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා වසරේ තරුණ ව්‍යාපාරික නායකයා ලෙස ද (වයස අවුරුදු 40ට අඩු) සම්මානය දිනා ගත්තේය. විශේෂයෙන් වටිනාකම් දාම පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඔහු සිදු කළ ඉමහත් දායකත්වය වෙනුවෙන් සෙනත් ජයතිලක මහතාට එම සම්මානය හිමි විය.

සිය සමාගම විසින් ලබා ලත් මෙම නවතම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘යූනියන් ඇෂුවරන්ස් හිමි කරගත් මෙම විශිෂ්ට සම්මානයන් පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. අප ලැබූ මෙම සාර්ථකත්වයන් පිටුපස සිටින ශක්තිය වන්නේ අපගේ නොසැලෙන ආයතනික සාමාජිකයන් බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපගේ පොරොන්දුව - ඔබේ දිවියට අපේ සවිය යන තේමාව ජය ගැනීම සඳහා අපගේ අරමුණ වන්නේ සෑම දිනකම 250,000කට අධික ශ‍්‍රී ලාංකිකයන්ට සුවිශේෂී රැකවරණයක් සැලසීමයි. මෙවන් ජයග‍්‍රාහී අභිමානවත් කණ්ඩායමක සාමාජිකයකු වීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සැලකීමට කැමතියි ’’යනුවෙන් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වූ ගෝම්ස් මහතා ‘‘මෑතකදී යූනියන් ඇෂුවරන්ස්, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමඟ බැංකු රක්ෂණ සේවා අඛණ්ඩව ශක්තිමත් කිරීමට ඇතිකර ගනු ලැබූ ඵලදායී සහයෝගීතාවය හේතුවෙන් වසරේ බැංකුරක්ෂණ නායකයකත්ව සමාගම ලෙසද ගෞරවයට පාත‍්‍ර වීමට හේතුවක් වුණා. ඒ තුළින් සුවහසක් ශ‍්‍රී ලාංකිකයින්ගේ සිහින, බලාපොරොත්තු හා ජීවන රටාවන් සවිබල ගන්වමින් ශක්තිමත් හා තිරසාර වර්ධනයක් අත්පත් කර ගැනීමට අපට හැකි වුණා’’ යනුවෙන් සඳහන් කළේය.

‘‘මෙම පිළිගැනීම් සහ ඇගයීම් තුළින් ගනුදෙනුකරුවන් සහ ආයතනික සේවක මණ්ඩලය වෙනුවෙන් සමාගමේ කැපවීම මනාව පිළිබිඹු වනවා. එසේම අප මෙතෙක් සිදු කළ කාර්යභාරයෙහි සාර්ථකත්වය පිළිබඳ කැඩපතක් ලෙසද මෙම සම්මාන හඳුන්වා දිය හැකියි. ඉදිරියේදී අපගේ බෙදාහැරීමේ අංශ විවිධාංගීකරණය කිරීම, බැංකුරක්ෂණ හවුල්කාරීත්වය තවදුරටත් විධිමත් කිරීම, පාරිභෝගිකයින් වෙත ලබා දෙන සේවය ඉහළ නැංවීම මෙන්ම අපගේ ඩිජිටල් නායකත්ව දැක්ම ඉදිරියට ගෙන යාම හා වෙළෙඳපොල පැවැත්ම ඉහළ නැංවීම සඳහා අපගේ කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන්ද පැවසීය.

 

ඩිජිටල්කරණය හා ස්ථාවර නවෝත්පාදනයන් මගින් ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීමත් සමඟ යූනියන් ඇෂුවරන්ස් මෙරට ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත්ව ඇත. එහිදී අන්තර්ජාලය තුළින් ලබා ගත හැකි සරල රක්ෂණ සේවාවක් හඳුන්වා දීම සඳහා ඩිජිටල් මෙහෙයුම් ආකෘතියක් හඳුන්වා දීම ඇතුළුව නව්‍යකරණ ක‍්‍රියාමාර්ග රුසක් යූනියන් ඇෂුවරන්ස් විසින් ගෙන ඇත. පසුගිය වසරේ පෙර නොවූ විරූ අභියෝග හා අසීරු කාලය තුළ සේවක සහභාගීත්වය සහ ඔවුන් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමේ අනුපාතය ඉහළ නැංවීම වෙනුවෙන් ද සැලකිය යුතු සම්පත් ප‍්‍රමාණයක් ආයෝජනය කිරීමටද යූනියන් ඇෂුවරන්ස් කටයුතු කළේය.

COVID-19 අභියෝග හමුවේ වුවද සේවය කිරීම සඳහා සුදුසුම සේවා ස්ථාන අතරට එක් වෙමින් අඛණ්ඩව 8 වැනි වරටත් සේවය කිරීමට සුදුසුම ස්ථානය ලෙස සම්මානයට පාත‍්‍ර වීමට ද යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූවන් වැඩිම ප‍්‍රමාණයක් දායාද කිරීමේ අභිමානය ද තමන් සතු කරගෙන ඇති යූනියන් ඇෂුවරන්ස් සිය අලෙවි බලකායේ ශක්තිමත් බව හා ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ ශ‍්‍රී ලාංකිකයින් වෙත තවත් සුවිසල් සේවාවක් ලබා දීම වෙනුවෙනි.

යූනියන් ඇෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි. ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින් රුපියල් බිලියන 18 ක වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණයක්, රුපියල් බිලියන 42 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 2021 පෙබරවාරි මාසය වන විට 325% ක ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ‍්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. LMD සඟරාව විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය ජීවිත රක්ෂණ සමාගම් අතර අංක 1 ලෙස යූනියන් ඇෂුවරන්ස් මෑතකදී පිළිගැනීමට ලක් කරන ලද අතර රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT) සඳහා 2020 වසරේ වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවටද පත් විය. දිවයින පුරා විසිරුණු ශාඛා 75 ක් සහ 3,500 කට අධික ශක්තිමත් හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙන අතරම පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප‍්‍රවේශයක් අනුගමනය කරමින් මානව සම්පත්, සේවාවන් හා ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරමින් සිටී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: යූනියන් ඇෂුවරන්ස් වසරේ ජීවිත රක්ෂණ සමාගම ලෙස Business Leader සම්මානයට පාත‍්‍ර වෙයි
යූනියන් ඇෂුවරන්ස් වසරේ ජීවිත රක්ෂණ සමාගම ලෙස Business Leader සම්මානයට පාත‍්‍ර වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdRa4GzkfWqnViMlnsuNsQPxi2TYcLzz-D9buKYqDmwCxs3EJ7uR8aYwPduPSQut_IoFlnAoxkiZEPk1SKaoCR3readmJOOGJ7mF0ZdW8eIvo-jKoTP9BQ2TYvUCx0ytNQR-T_o3sHBuo/s16000/union-asssurance-02.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdRa4GzkfWqnViMlnsuNsQPxi2TYcLzz-D9buKYqDmwCxs3EJ7uR8aYwPduPSQut_IoFlnAoxkiZEPk1SKaoCR3readmJOOGJ7mF0ZdW8eIvo-jKoTP9BQ2TYvUCx0ytNQR-T_o3sHBuo/s72-c/union-asssurance-02.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/union-assurance-business-leader.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/union-assurance-business-leader.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content