වෙසක් මංගල්‍යය වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් පළමු බතික් වෙසක් කූඩුව අත්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම පසුගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන්ට රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වෙසක් උලෙළෙහි දෘශ්‍ය පෙළහර විඳීමට අවස්ථාව ලබා දීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ වී තිබේ.
වෙසක් සැරසිලි සඳහා නව්‍ය හා දේශීය මුහුණුවරක් හඳුන්වා දෙමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති මෙම නිර්මාණය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකි. දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදාය ප්‍රවර්ධනය ඔස්සේ බතික් මෝස්තර සඳහා නව අවස්ථා බිහි කිරීම මෙම වැඩසටහනෙහි තවත් අරමුණකි.
මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමා ද එක්ව සිටියහ.




