ලබන අගහරුවාදා (25) දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු පළාත් සංචරණ සීමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළා.
ඒ අනුව අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 3ක් සහ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන් වාර 3ක් සිදු කෙරෙනු ඇති.
එමෙන්ම අලුත්ගම සිට මරදාන දක්වා සහ මහනුවර සිට පොල්ගහවෙල දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් ධාවනය කෙරෙනවා. කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 2ක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා ගමන් වාර දෙකක් සිදු කෙරෙන බවයි දුම්රිය සේවය සඳහන් කළේ.
ලබන 25 වනදා සංචරණ සීමා ලිහිල් වීමෙන් පසු අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් සිදු කෙරෙනු ඇති.එමෙන්ම බෙලිඅත්ත සිට ඉඳූරුව දක්වා සහ ඉඳුරුව සිට බෙලිඅත්ත දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.




