කෝවිඩ් 19 එන්නත ලබා දීම සඳහා ලැයිස්තුවක් සකස්කිරීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ පූජ්‍ය පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පපවසනවා.
විශේෂ ප්‍රකාශයක් කළ ප්‍රේමදාස මහතා පැවසුවේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් මේ වන විටත් වසංගතයට ගොදුරු වී ඇති බැවින් පූජකවරුන් මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටිය යුතු බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු භික්ෂුව වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් සහ තවත් මාස කිහිපයකදී සේරුවිල රජ මහ විහාරයේ ප්‍රධාන හිමියන්, තලන්පිටියේ මෙත්තානන්ද හිමියන් ඇතුලු අනුරාධපුරයේ තවත් හිමි නමක් මෙම වසංගතයට ගොදුරු වී තිබෙනවා.
එබැවින් කොවිඩ් 19 එන්නත ලබා දීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් පූජකවරුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා පවසනවා.