සංචරණ සීමා පනවා තිබුනද ඊයේ (31) කොළඹ නගරයේ අධික වාහන ප්‍රමාණයක් දැක ගැනීමට හැකි විය. සේවයට කැඳවීමේ ලිපි පෙන්වා අත්‍යාවශ්‍ය සේවාවලට පැමිණි පුද්ගලයන් තම කාර්‍යාලවල රාජකාරියේ යෙදී සිටින්නේ දැයි විශේෂ සොයා බැලීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
ආයතන හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීන්ගේ ලිපිය සහිත ව බොහෝ දෙනා පැමිණ තිබූ බවට හෙළිවී ඇත.
ඔවුන් සතුව තිබූ ලිපි නිකුත් කිරීම අක්‍රමිකවත් ලෙස සිදු කර ඇති බව රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් දන්වා ඇත. ඒ අනුව මහරගම , ගල්කිස්ස, වත්තල, කැළණිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පොලිස් බාධකයන්හි දී අත්‍යාවශ්‍ය සේවා බව කියමින් පැමිණි පුද්ගලයන් සතු ලිපි අතරින් 1000ක් පමණ අහඹු ලෙස ඡායාරූප ගත කර ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
යම් හෙයකින් අදාළ පුද්ගලයා රාජකාරියට කැඳවීමක් හෝ ඔහු සේවයේ යෙදී නොසිටිය හොත් කූට ලේඛන සැකසීම, නිරෝධායන නීති කඩ කිරීම හා සේවයට යන බවට අසත්‍ය ප්‍රකාශ කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.